දෙනුවන් පියෙන විටකදි සිහියට නැගෙන

Blogged Bliss Sep 16, 2025

දෙනුවන් පියෙන විටකදි සිහියට නැගෙන ..........

තිබුනා පෙමක් සිව් වසරක මතක දෙන...............

සිහිවෙන විටදි මගෙ නෙත් දෙක තෙත්කරන........

නුඹ මගෙ සදයි පෝදා ආකහෙ දිලෙන ............

පාසල් වියේ දී අප ආලෙන් වෙලුන....

සරසවි වරම් ගන්නට නුබ සවිය වුන.....

ඇගෙ මව්පියන් අපෙ ගමනට හරස් වුන.....

තෙමසක් ගෙවෙනවා අපෙ මගනතර වුන......

නුබ හරි හැඩයි එන විට කෙහෙරැල ගොතලා.......

නුබ ලග රැදුනෙ මගෙ උර මත හිස තියලා......

ආසයි වැලද ගන්නට නුබෙ  හිස සිබලා..........

මගෙ හද හඩයි දුක කියමින් ඉකි ගසලා.......

රෑ මැදියමේ මම නිදි සුව විදින විට .......

සිහිනෙන් අත වනයි කව්දෝ ලදක් මට..........

හිමින් හිමින් රෑ සිහිනෙන් ඈ දෙසට....

ලංවෙන විටදි නෙතගේ ඇත කදුලු කැට..

සිහිනෙන් වුවත් නුබෙ කදුලැලි දකින්නට ....

නෑ මට හයිය නුබ දෙස නම් බලන්නට...

සවිකර පපුව තුරුලට ගෙන සිබින්නට

එන්නකො මැනිකෙ ඔය කදුලැල්  පිහින්නට.....

..............................................................

සිහිනෙන් ලගට ඇවිදින් නුබ අත අල්ලා......

අඩනව ඉකිගසා නුබ මාවම ඉල්ලා.......

තුරුලට රැගෙන මම නුබෙ නලලත සිබලා...

අඩනව මමත් නුබෙ ඔය පොඩි අත අල්ලා........

...............................................................

සිහිනෙන් මෙලෙස හැමදින නුබ අඩන්නේ......

මෙලෙසින් මමත් නුබවයි සනසවන්නේ.....

මම නම් මැනිකෙ සිහිනෙන් නොව අඩන්නේ.....

හැබැහින් මැදියමේ කදුලැලි ගලන්නේ.....

නැත මගෙ නෙතේ කදුලැලි දැන් අඩන්නට.....

ඇයටත් සිදුව ඇත්තේ  මග බලන්නට.....

දෙන්නා දෙපොලෙ තනිකම ඇත දරන්නට....

මම ආදරෙයි බැහැ එයනම් මකන්නට......

අවසන් කවිය මෙලෙසින් කවි කරන්නේ......

සරසවි දෙකක අප ඉගෙනුම ලබන්නේ......

ඇය නැති හෙටක් නැත නම් නෑ පතන්නේ.......

මගෙ පණ එනතුරා මම මග බලන්නේ.......

-SNV-

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.